brand logo

මේක ලේසියෙන් අතරින්නේ නැහැ - රන්ජන් සමග හඬපට ව්‍යාජයි

21 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ තමා අතර සිදුවන දුරකථන සංවාද සංස්කරණය කරන ලද ව්‍යාජ හඬපට බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20 වැනිදා) පැමිණිල්ලක් කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස කියා සිටියාය. හඬපට සම්බන්ධව අද සමාජ මාධ්‍ය හරහා හැම තැනම ප්‍රචාරය වෙලා තියෙනවා. 2017 වසරේ ආපු පරිගණක නීතිය පිළිබඳව පනතේ හත්වන වගන්තියේ සඳහන් කර තිබෙනවා දෙදෙනෙක් අතර සිදුවන යම්කිසි දුරකථන සංවාදයක් ඒ දෙදෙනාගේ කැමැත්තකින් තොරව ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. මේ දිනවල මමත් රන්ජන් රාමනායකත් අතර සිදුවූවා යැයි කියන හඬපට තුනක් අපගේ අවසරයකින් තොරව සංස්කරණය කරලා. පැහැදිලිවම මම කියනවා ඒවා සංස්කරණය කරලා සංසරණය වෙමින් පවතින්නේ. මේ හඬපට රූපවාහිනී නාලිකාවල ප්‍රධාන ප්‍රවෘත්තිවලට පෙන්නනවා. මේ කටහඬවල් සම්බන්ධව තවමත් රස පරීක්ෂක වාර්තාවක්වත් ඇවිල්ලා නෑ. මේ දේවල්වලින් මට විශාල දේශපාලනික ප්‍රශ්න ඇතිවී තිබෙනවා. සමාජ මාධ්‍ය වලින් ඉතාමත් අසභ්‍ය ලෙස මට කෙටි පණිවුඩ එවනවා. දැන් වෙද්දී මට මරණ තර්ජන පවා එල්ල වෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. මගේ හිත හයිය නිසා මේවාට මුහුණ දෙන්න පුළුවන්. මම මේක මෙතැනින් නතර කරන්නේ නෑ.මේක සිවිල් නඩුවක් දක්වා අරගෙන යනවා.මගේ කීර්තිනාමයට හානි කරපු සියලු නාළිකාවලට එරෙහිව මම නඩු මගට යනවා.හඬ පට අහන අස්සේ රට දවසින් දවස අගාධයට යනවා.මගේ හඬ, ප්‍රකාශ, සංවාද සංස්කරණය කරන ලද හඬපට මේ තියෙන්නේ.මේ හඬපට සංස්කරණය කරපු අය කවුද කියලා මම අද (21 වැනිදා) පාර්ලිමේන්තුවේදී කියනවා. මාව ලේසියෙන් නිහඬ කරන්න බෑ. සාලිය කුමාර ගුණසේකර
 

More News..