brand logo

මේක ඩයස් පෝරාවේ වුවමනාවක් - මල්වතු අනු නාහිමි

17 February 2020

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පැනවීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට සිදුවූවක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් මෙම තීරණයට විරුද්ධව කටයුතු කළ යුතු බවයි. ‘‘ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියාට යම් යම් තහංචි පනවල තියෙනවා. ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ආසියා, යුරෝපා අනෙකුත් රටවලුත් සමග අපේ රට මේ පුංචි දිවයින බොහා් මිත්‍රශීලී තත්ත්වයක් තමයි අනුගමනය කරන්නේ. මේ ඩස්පෝරාවේ කට්ටිය පමණක් සිහියට අරගෙන ඇමෙරිකාව මේ විදිහෙ ප්‍රකාශයක් කිරීම අපිට බොහොම කනගාටුවට කරුණක්. තවත් ඉදිරියට අපේ වෙන වෙන අයටත් මෙවැනි තහංචි පනවන්න පුළුවන්. ඒ නිසා දේශපාලන පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද කියන කිසිම භේදයක් නැතුව, එකාවන්ව එක්වී ඇමෙරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම ඔබ හැමදෙනා වෙත මම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව සිහිපත් කරනවා.’’   නයන තරංග ගමගේ
 

More News..