brand logo

මේ අයියයි මල්ලියි නිසා රට ඉස්සරහට ගියත් 19 ත් එකක් රට ගොඩ ගන්න බැහැ

08 March 2020

මේ රටේ තේ, ගම්මිරිස් සහ කුරුදු ආර්ථිකය ඉකුත් එක්සත් ජාතික පක්ෂ රජය සමයේ හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති නිසා විනාශ වි ගිය බව හිටපු රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය. එස්.බි.දිසානායක මහතා එ බැව් කියා සිටියේ (07) දින පස්වරුවේ ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමිණි. මෙම රැස්විමේදි අදහස් ප්‍රකාශ කල එස්.බි.දිසානායක මහතා  . තමුන් නාන්සේලාට කියන්න කැමති දැන් එක්සත් ජාතික පක්ෂය විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ලේකම්වරයා කිව්වා ඔවුන් අලියා ලකුණින් දිස්ත්‍රික්ක 22 කින් තරග කරනවා කියලා ,ඔවුන් තරග කරන්නේ නැත්තේ උතුරු නැගෙනහිර ඒ දිස්ත්‍රික් 5 විතරයි. තවද එතුමා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තිබ්බ පය ආපස්සට ගන්නේ නැහැ.ඉතින් ඒක හරි ශොක් . එක නිසා මම කියන්න කැමති බොහොම වේගයෙන් අපේ ඉලක්කය හබා යන්න පුළුවන් . ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉලක්ක කරන්නේ ගිය සැරේ දිනපු දිස්ත්‍රික්ක වලට අමතරව ත්‍රිකුණාමලය ,අම්පාර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජයගන්න එහෙම ජයගත්තත් අපේ මන්ත්‍රී සංඛ්‍යාව යනවා 135කට 136 කට වගේ, ගිය සැරේ ඡන්දය අනුව අපිට තියනවා 127 ක්. ගිය සැරේ ජනාධිපති ජන්දය අනුව එක්සත් ජාතික පක්ෂයට,ද්‍රවිඩ ජාතික සංවිධානයට , දිගම්බරම්ට ,මනොගනේෂන්ට ,මුස්ලිම් කොන්ග්‍රසයට ,නව මුස්ලිම් කොන්ග්‍රසයට රිෂාඩ්ට මේ සේරමටම එන්නේ 95 යි. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගාන වෙන් කරලා ගත්තම 63 ,64 ක් තමයි එන්නේ .ඒක කොහොමටත් ජන්දෙකින් පස්සේ ජන්දයක් තිබ්බම පැරදුන පක්ෂය තව අන්ත පරාජයක් ලබනවා,දිනන පක්ෂය වැඩියෙන් දිනනවා, 63 න් 53 විතර එනවා. දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා තාරාදිය තියනවා දුරකථනය කියනවා මොකක්දො විජ්ජුම්බරයක් මැද ඔය ගාන 50 න් 40 ගානකට විතර ඇදගෙන වැටෙනවා. ඒ නිසා මැතිනිය 1978 දුන්න පොරොන්දුව සිහිනය මේ රටේ සැබැ කරන්න අවශ්‍යය මන්ත්‍රීවරු 150 කට වැඩි ශක්තිමත් ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න අපි නුවරඑළිය ජයග්‍රහනය විජයග්‍රහනයක් කරමින් ඒ ඉල්ලිම ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා. ඒ නිසා තේ වගාව ප්‍රධාන වශයෙන් කඩාවැටිමට හේතුව එක්සත් ජාතික පක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති එතුමාගේ ආණ්ඩුවේ ප්‍රදාන ඇමතිවරු දෙන්නෙක් හිටියා ඉතාම කසිකබල් තේ ගෙනල්ලා අපේ තේ වලට කලවම් කරලා ශ්‍රි ලංකා තේ කියලා විකුන්නා.ඉන්දියාවෙන් සහ වියට්නාමයෙන් ඉතාම කසිකබල් බාල තේ ගෙනල්ලා ලංකාවේ නැව් වලම තියාගෙන අපේ තේ වලට කලවම් කරලා ශ්‍රි ලංකා තේ කියලා වික්කා.ඒ නිසා මෙහෙම කඩාගෙන වැටුනා අපේ තේ වගාව. අපි ගම්මිරිස් වලින් හැමදාම හොද අදායමක් ලැබුවා.ගම්මිරිස් වෙලදාම් කරලා අපි හැමදාම 1200 ට 1300 ට වගේ ගනන් වලට තමා අපි වික්කේ . හැබැයි ඒත් අර ඇමතිවරු දෙන්නා මේ වියට්නාම් ගම්මිරිස් ගෙනල්ලා ,ඒක රස නැ පාට නැ සැර නැ.ගෙනල්ලා අපේ ගම්මිරිස් එක්ක කලවම් කරලා ශ්‍රි ලංකා ගම්මිරිස් කියලා වික්කා . එහෙමම අපේ ගම්මිරිස් කඩාගෙන වැටුනා,අද අපිට ගම්මිරිස් මිල 300 න් 350 න් උඩට උස්සගන්න බැරිව දගලනවා . 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සන්ශොදනය නිසා මේ රට පාලනය කරන්න බැරි උනා . ජනාධිපතිවරයාට මොකක්වත් කරගන්න බැ අගමැතිවරයා කකුලෙන් අදිනවා අගමැතිවරයට මොකක්වත් කරගන්න බැ ජනාධිපතිවරයා කකුලෙන් අදිනවා . අද මේ අයියයි මලලි නිසා මේ රට බොහොම හොදට ඉස්සරහට ගියත් ,කිසි දවසක මේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශොදන ව්‍යවස්ථාවත් සමග මේ රට ගොඩගන්න බැ. බණ්ඩාරණායක මැතිණිය 1978 ජේ .ආර් මේ ආණ්ඩුක්‍රමය මේ ඡන්ද ක්‍රමය ගෙන්පු වෙලාවේ එතුමිය පාර්ලිමෙන්තුවේදි කිව්වා මගේ රජය ඔය මනාප ක්‍රමය අයින් කරලා ආසන ඡන්ද ක්‍රමයකට රට ගෙනයනවා කියලා. යනුවෙන් පැවසිය.
 

More News..