brand logo

මෙවර සිසුන් 41500 කට සරසවි වරම්

31 October 2020

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් එලෙස බඳවා ගන්නා බවත් පසුගිය වසරට වඩා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10,000 කින් ඉහළ නංවා ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි. වෛද්‍ය පීඨ සඳහා 371 දෙනෙකුත් , ඉංජිනේරු පීඨ සඳහා 405 දෙනෙකුත් යන ආදී වශයෙන් සිසුන් බඳවා ගැනීමට නියමිතයි. 2019 උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටි අතර නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.  
 

More News..