brand logo

මෙවර විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසාට

17 May 2021

69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ(16) රාත්‍රියේ සමත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දී 2020 විශ්ව රූ රැජින අවසන් මහා තරඟය පැවැත් විය. මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වෙයි. බ්‍රසීලය, ඉන්දියාව, පේරු රාජ්‍ය සහ ඩොමිනිකානු ජනරජය නියෝජනය කළ තරඟකාරියන්, ඇන්ඩ්‍රියා සමඟ අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟකාරියන් වෙයි. මෙම තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73 දෙනෙකු සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. May be an image of 1 person, standing and sitting May be an image of 2 people, people standing and text that says 'MISS UNIVERSE ERSE' May be an image of 1 person and standing May be a closeup of 1 person and jewelry May be an image of 1 person May be an image of 1 person, standing, sitting and text that says 'MEXICO' May be an image of 1 person, standing and sitting May be a closeup of 1 person  
 

More News..