brand logo

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානයේදි

20 March 2019

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය. මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සම්පත් සංවර්ධනය, මතින් තොර අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් බිහි කිරිම සඳහා ආධ්‍යාත්මික වැඩසටහන් පැවැත්විම හා සවිමත් ආර්ථිකයක් හා බුදු දහමින් පෝෂිත සාහිත්‍ය හා කාලාවේ ප්‍ර බෝධයක් ඇති කිරිමේ වැඩසටහන් පැවැත්වීමටත් තීරණය කර තිබේ. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
 

More News..