brand logo

මෙවර මැතිවරණය හරිම කම්මැලියි - අගමැති

30 July 2020

මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. අග්‍රමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ජය තහවුරු කිරිම සදහා නාවලපිටිය කුරුදුවත්ත සමර්සෙට් ප්‍රදේශයේ අද (30) දින පැවති ජන හමුවකදිය. මෙම ජන හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය අවුරුදු 5 දි මේ රටට වැඩක් කෙරුණේ නැ. ඒකට හේතුව ජනාධිපතිවරයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ , අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ. ජනාධිපති කියන ඒවා අගමැති කරන්නේ නැ , ඇගමැති කියන ඒවා ජනාධිපති කරන්නේ නැති නිසා. ජනාධිපති සහ අගමැති එකම පක්ෂයක වෙන්න ඕනි. ඔබලා පොහොට්ටුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ජන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරයා බවට පත් කලා. හැට නව ලක්ෂයක් ජන්දය දිලා පත් කරපු ජනාධිපතිට වැඩ කරන්න එම පක්ෂයේම ඇගමැතිවරයෙක් , කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවන්න ඕනි රටට වැඩක් කරන්න නම්. එහෙම වුණේ නැත්නම් රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ නැ. දැන් එක්සත් ජාතික පක්ෂයක් දෙකට කැඩිලා , එක්සත් ජාතික පාක්ෂිකයන් අද විශාල වශයෙන් අපි සමග එක් වෙනවා. මම එහෙම එන අයගෙන් ඇහුවා ඇයි ඔයාලා එන්නේ , එතකොට කිව්වේ එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ සිරිකොත ලබා ගන්න කියලා. රටේ බලය අල්ල ගන්න නෙවෙයි. රනිල් වික්‍රමසිංහ සිරිකොතේ බලය අල්ලගෙන ඉන්නවා , දැන් එයාව පන්නන්න සජිත් කටයුතු කරනවා. සිරිකොත අල්ලිම හැර රට සංවර්ධනය කිරිමට හෝ අටේ බලය තහවුරු කර ගැනිමට ඔවුන්ට අවශ්‍යය නැ. ඔවුන් බලයේ ඉන්න කාලේ කරපු වැඩ ගැන දැන් ටික ටික එලියට එනවා , සංස්කෘතික අමාත්‍යංශය තුල , ආගමික අමාත්‍යංශය තුල , ඒ තුල තිබු මුදල් වියදම් කරපු ආකාරය පිලිබදව. මැතිවරණ කාලයේ බිලියන ගණන් එලියට අරගෙන එවගෙන් කරපු වැඩ මොනවද? කියලා කොමිසන් සභා වාර්තා වලින් ඔබලා දකින්න ඇති. කිසිම වගකිමක් නැති , සැලැස්මක් නැතිව අමාත්‍යංශය සතු මුදල් වියදම් කරපු මිනිස්සු බලයට ආවම කොහොම වියදම් කරයිද? එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදිලා , අද එය අය අතර තරයක් විතරයි තියෙන්නේ. මේ මැතිවරණය ඒක පාක්ෂික තරගයක් වගේ මට පෙන්නේ , විරුද්ධ පක්ෂයක් නැති වුණාම හරි කම්මැලි. මම අවු 50 ක් දේශපාලනය කරලා තියෙනවා , හැබැයි හැම මැතිවරණයකදිම ලොකු තරගයක් තිබුණා. අභියෝගයක් තිබුණා. හැබැයි මේ පාර කිසිදු අභියෝගයක් නැ. අපි අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා. 2/3 බහුතර බලයක් අපි ලබා ගන්නවා. රටේ ආර්ථිකය ගොඩ ගන්න අපි කටයුතු කරනවා යනුවෙන් පැවසිය. ශානක ප්‍රසාද් - නාවලපිටිය
 

More News..