brand logo

මෙවර ආසියාවේ ධනවත්ම පුද්ගලයා මෙන්න

01 January 2021

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මේ වසරේදී චීන ජාතිකයෙකු පෙරමුණට පැමිණ තිබේ. Bloomberg Billionaires දර්ශකය අනුව ඔහු ආසියාවේ ධනවත් ම මිනිසා බවට පත්ව ඇත්තේ, ඔහුට අයත් එන්නත් නිෂ්පාදන සමාගම සහ බෝතල් කළ ජලය බෙදා හැරීමේ ආයතනය ලැබූ ආදායම් හේතුවෙනි. කොවිඩ් එන්නතක් නිපදවන Beijing Wantai Biological සමාගම හා Nongfu Spring ජල බෝතල් සමාගම එම ආයතන දෙක වෙයි. චීන ජාතික සොං ෂාන්ෂාන් නමැති මෙම ව්‍යාපාරිකයාගේ වත්කම මේ වසරේදී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඔහුට ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා අභිබවා යාමට හැකිවී තිබේ. ඔහුගේ සමස්ත වත්කම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 77.8 හේතුවෙන් ලෝකයේ ම ධනවතුන් අතර 11 වන ස්ථානයට පත්ව ඇතැයි Bloomberg Billionaires දර්ශකය පවසයි. "lone wolf" යනුවෙන් හැඳින්වෙන ඔහුගේ වෘත්තීය ජීවිතය මාධ්‍ය, බිම්මල් වගාව සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍ර රැසක් කරා විහිදී තිබේ.
 

More News..