brand logo

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ලියන අපේක්ෂකයිට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්

09 December 2019

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දෙසැම්බර් 12 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය වීමෙන් පසුව විභාග අපේක්ෂකයින්ට සාමකාමීව විසිර යන ලෙසට විභාග දෙපාර්තමේන්තුව සිහිකැඳවීමක් සිදුකර තිබේ. එදිනට විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කළහකාරී ලෙස හැසිරුනහොත් හෝ අනෙක් සිසුන්ට බාධාකාරී ලෙස හැසිරුණහොත් මෙන්ම පොදු දේපළවලට අලාභහානි සිදුකළහොත්, විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. එවැනි සිදුවීමකට සම්බන්ධවන විභාග අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල අවලංගු කිරීමට ද කටයුතු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..