brand logo

මෙවර අයවැයෙන් වතු කම්කරුවෙකුට දිනකට නව දිමනාවක්

13 February 2019

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දමිල ප්‍රගතශිලි සන්ධානය රජය සමග පැවැත් වු සාකච්ඡාවලින් සාර්ථක ප්‍රගතියක් ලැබි ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගියදා අත්සන් කෙරුණු වසර දෙකකට බල පැවැත්වෙන සේ අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවෙකුට රු 20 වැටුපක් පමණක් බවයි. එම වැටුප ප්‍රමාණවත් නොවිම හේතුවෙන් අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබා දිම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක, කම්කරු අමාත්‍යය රවින්ද්‍ර සමරවිර යන මහතුන් සහ දමිල ප්‍රගිතශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් සමග ඊයේ (12) පස්වරුවේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධණ අමාත්‍යයංශයේදි පැවති සාකච්ඡාවේදි මෙවර අයවැය මගින් වතු කම්කරුවෙකුට දිනක වැටුපට අමතරව නව දිමනාවක් ලබාදිමට එකගතාවයක් ඇති කර ගත් බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය. වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනුව දිනකට ගෙවිමට නියමිත රු 750 වැටුපට අමතරව රජය මගින් තවත් දිමනාවක්ද ගෙවන බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ. පළමු වසර තුල එම වැටුප රජයෙන් ලබා දි දෙවන වසර තුල වතු සමාගම් ප්‍රතිසංස්කරණයකට ලක් කිරිම කෙරෙහිද මෙම සාකච්ඡාවේදි එකගතාවය ඇති කරගත් බවයි අමාත්‍යයවරයා කියා සිටියේ. අයවැයෙන් වතුකම්කරුවන්ට ලබාදිමට නියමිත දිමනාව හිග වැටුප සමග ලැබෙන බවත් එම වැටුප ලබා ගැනිමට දමිල ප්‍රගිතශිලි සන්ධානය රජය සමග සාකච්ඡා පවත්වා ලැබු විශාල ජයග්‍රහනයක් බවත්, වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර අත්සන් කෙරුණු නව අවබෝධතා ගිවිසුම අධිකරණය හමුවේ අභියෝගයට ගත් කිරිමට නොහැකි බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා වැඩි දුරටත් කියා සිටියේ. නව අවබෝධතා ගිවිසුම සහ රජය මගින් අයැවැයෙන් ලබා දිමට නියමිත දිමනාව සමග වතු කම්රුවෙකුට දිනකට රු 800 ඉහල වැටුපක් ලබා දිමට නියමිතය. මෙම සාකච්ඡාවට දමිල ප්‍රගිතශිලි සන්ධානයේ අමාත්‍යය මනෝ ගනේෂන් ,කැබිනට් නොවන අමාත්‍යය වි රාධාක්‍රිෂ්නන් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මයිවාගනම් තිලකරාජ්, බදුල්ල දිස්ත්‍රික් පා.ම අර්වින්ද කුමාර් යන මහතුන් සහභාගි විය.
 

More News..