brand logo

මෙල්බර්න්වල පැතිර යන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගනී

05 June 2021

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයේ පැතිරයන්නේ ඉතා සීඝ්‍ර පැතිරීමක් සහිත "ඩෙල්ටා" කොවිඩ් ප්‍රභේදය බව බලධාරීන් අනාවරණය කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එබැවින් ඉදිරියේදී එහි ආසාදිතයින් ගණන ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එබැවින් එහි සංචරණ සීමා දැඩිකර තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමගම එම ප්‍රාන්ත බලධාරීන් එහි හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය ගැන පරීක්ෂණ වැඩිකර තිබේ. මීට සති දෙකකට පමණ පෙර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කළ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගේ ජෛව පටක පරීක්ෂා කළ විට "ඩෙල්ටා" කොවිඩ් ප්‍රභේදය" හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය. මෙම "ඩෙල්ටා" කොවිඩ් ප්‍රභේදය මේ වනවිට ඉන්දියාවේ විශාල විනාශයක් කරමින් තිබේ
 

More News..