brand logo

මෙරට PCR පරීක්ෂණ දෙලක්ෂ තිස්දහස ඉක්මවයි

07 September 2020

කොරෝනා අසාදිතයින් හඳුනා ගැනීම සඳහා මෙරට තුළ PCR පරීක්ෂණ 2,39,907 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ (06) දිනය තුළ පමණක් PCR පරික්‍ෂණ 1,820 ක් සිදුකර ඇති බවයි. ඒ අනුව අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතයින් සංඛ්‍යාව 640 කි. ඒ අතරට පුනරුත්ථාපනය වන රැඳවියන් 519 දෙනෙකු , කාර්ය මණ්ඩලය 67 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලය 05 දෙනෙකු , පවුල් හා සමීපතමයින් 48 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් අයත් වේ.
 

More News..