brand logo

මෙරට 48වන කොවිඩ් මරණය වාර්තා වෙයි

12 November 2020

කොවිඩ් 19 ආසාදිතයින් වශයෙන් හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලේ දී මිය ගොස් ඇත. කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිදන්ගත පෙනහළු රෝගය සමඟ කොවිඩ් 19 ආසාදන්ය වීම හේතුවෙන් මරණයට පත්ව ඇත. අනෙක් පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.මරණ්යට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් 19 නියුමෝනියාව සමඟ ද්විතීක බැක්ටීරියා ආසාදනය වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
 

More News..