brand logo

මෙරට 45වන කොවිඩ් මරණය වාර්තා වෙයි

11 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මෙලෙස මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් උත්සන්න වූ අධිරුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළේ නිවේදනයේ දැක්වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 45 දක්වා ඉහළ යනු ඇත. අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ කොවිඩ් මරණය සංඛ්‍යාව 4කි.
 

More News..