brand logo

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 12,000 ඉක්මවයි

04 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 274දෙනෙකු හදුනාගෙන තිබේ. මෙලෙස හදුනාගත් ආසාදිතයින් අතර නිරෝධාන මධ්‍යස්ථානවල සිටින 07දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් 267දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8540 දක්වා ඉහළ ගොස් ඇත. මෙරට තුළ වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..