brand logo

මෙරට සංක්‍රමණික ගැටළු පිළිබදව අවධානය

18 September 2020

සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානීසරත් ඩාස් මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(17) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී සංක්‍රමණික ගැටළු පිළිබදව හා ඒ සම්බන්ධයෙන් පවතින නිතිමය තත්වයන් පිලිබදව මෙහිදි සාකච්ඡා සිදුකර ඇත. නීති විරෝධීව සිදු වන මිනිස් ජාවාරම වැළැක්වීමට ගත යුතු පියවර හා ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග, මිනිස් ජාවාරම හේතුවෙන් ඇතිව තිබෙන අහිතකර ප්‍රතිවිපාක පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කොට ඇත. නීති විරෝධිව සිදු වන මිනිස් ජාවාරම් වැළැක්වීමට ශ්‍රී ලංකා රජය උපරිම වශයෙන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදි පවසා ඇත. සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ සහාය ශ්‍රී ලංකා රජයට උපරිම වශයෙන් ලබාදීමට පියවර ගන්නා බව එහි ප්‍රධානී සරත් ඩෑස් මහතා ප්‍රකාශ කර තිබේ. 1990 දී ශ්‍රී ලංකාව සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති අතර 2002 එම සංවිධානය මෙරට ස්ථාපිත කර ඇත.
 

More News..