brand logo

මෙරට විශාලාතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

21 May 2020

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර අද(21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය,රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයන් මීට සහභාගී වූ අතර වත්මන් ක්‍රිකඩ් පරිපාලනයේ නිලධාරීන් සහ හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගී වූහ. රට තුළ එන්ම ලොව පුරා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය ගැටළු මතුව ඇති මොහොතක ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සෑදීමට මෙම අවස්ථාවේ ඉඩ ලබාදිය නොහැකි බවත් ක්‍රිකට් සංවර්ධනයට ලැබෙන මුදල් මීට වඩා ප්‍රායෝගිකව සහ ක්‍රීඩාවේ සුභ සිද්ධියට යොදාගත යුතු බව මෙම හමුවට එක්ව සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලිමක් කර තිබේ. මිට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබා දුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබේ. "එය ඉතා හොද සාකච්ඡාවක්.මේ මොහොතේ පාසල් සහ අනෙකුත් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකල යුතු බව අපි දැනුවත් කළා.දැවැන්ත ක්‍රීඩංගණ ඉදි කිරීමට කාලය මෙය නොවේ." යැයි හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.  
 

More News..