brand logo

මෙරට ප්‍රමුඛ රෝහල්වලට කල් ඉකුත් වූ බෙහෙත්

12 February 2021

ගෝතමී පාරේ අවුරුදු 12 ක් කරගෙන ගිය හොර ගබඩාව වටලයි

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයෙන් ලද තොරතුරක් අනුව අද (12 ) දින මෙම ආයතනය දැනට අවුරුදු 12 ක විතර සිට වෛද්‍ය උපකරණ මෙරටට ආනයනය කරන ස්ථානයක්. කල් ඉකුත් වීම නිසා පාවිච්චියෙන් ඉවත් කළ යුතු වෛද්‍ය උපකරණ වලට ව්‍යාජ ලේබල් අලවා අලුත් නිෂ්පාදන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ රෝහල් වලට හා ඖෂධ හල්වලට බෙදා හරින ජාවාරමක් හා මෙරට ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සමත් වී ඇත. බොරැල්ල ගෝතමී පාරේ ගෝතමී විහාරය අසල නොම්බර 16 යන ස්ථානයේ වෛද්‍ය උපකරණ ආයනය කර ගබඩා කරන ස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මෙඩිඩයග් නම් ආයතනය අද (12) ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ කණ්ඩායමක් විසින් වටලා පරීක්ෂා කර ඇති අතර මෙහිදී කල් ඉකුත් වූ වෛද්‍ය උපකරණ, මෙරටදී මුද්‍රණය කරන ලද ව්‍යාජ ලේබල්, සෞඛ්‍යාරක්ෂිත විධි විධානවලින් තොරව ගබඩා කර තිබුණු ඖෂධ, එක්වරක් පාවිචි කිරීමෙන් පසු ඉවත් කළ යුතු වුවත් නැවත නැවත සෝදා පිරිසිදු කිරීමෙන් පසු පාවිච්චියට ගත් වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. වසර 12 කට ආසන්න කාලයක සිට මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර අදාල භාණ්ඩ සමග සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අංශ ප්‍රධානී අමිත් පෙරේරා මහතා පවසයි. වැටලීම සිදු කළ අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න. https://youtu.be/UDHBJSPdrb8
 

More News..