brand logo

මෙරට පළමු වරට ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාවෙන් පාරිසරික වැටහීම සඳහා අංගයක් හඳුන්වා දෙයි

03 August 2020

කොමර්ෂල් බැංකුවේ ‘ෆ්ලෑෂ්’ ඇප් සේවාව මගින් ගනුදෙනුකරුවන්ගේ පාරිසරික පිරිවැය ගණනය කරන අතරම වියදම් කළමනාකරණය සඳහා මග පෙන්වයි කොමර්ෂල් බැංකුවේ නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාව වන ‘ෆ්ලෑෂ්’ මීට පෙර වෙළඳපොළේ නොතිබූ අති නවීන පහසුකම් සහිතව වැඩිදියුණු කර තිබෙන අතර මෙමගින් ගනුදෙනුකරුවන්ට තමන් සිදුකරන වියදම් වලට අනුව පරිසරයට සිදුවන බලපෑම ගණනය කරගැනීමේ අවස්ථාව ලබාදී ඇත. මේ සඳහා මෙම ඇප් සේවාවට ‘Save the Environment’ නමින් පහසුකමක් නිර්මාණය කර තිබෙන අතර මෙහි තිබෙන වැඩිදියුණු කළ අයවැයකරණ පහසුකම් මගින් ගනුදෙනුකරුවන්ගේ වියදම් හොඳින් කළමනාකරණය කර ගැනීමට අවස්ථාව ද ලබාදී තිබේ. ‘Save the Environment’ නවාංගය මගින් සිදුකරන සෑම ගනුදෙනුවකදීම පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ගණනය කරන නිසා ගනුදෙනුකරුවන්ට තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබාගත හැකිය. වැඩිදියුණු කළ අයවැයකරණ පහසුකම මගින් ගනුදෙනුව සිදුකරන මොහොතේම එම වියදම් එක් එක් අංශයන් යටතේ ගොනු කරන නිසා මේ තුළින් තමන්ගේ පුද්ගලික වියදම් කිරීම් මනාව කළමනාකරණය කර ගැනීමට අවස්ථාව මෙම ඇප් පහසුකම භාවිතා කරන ගනුදෙනුකරුවන්ට හිමිවේ. මෙම ඇප් සේවාවට පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ගණනය කිරීමේ පහසුකම හඳුන්වා දී තිබෙන්නේ මූල්‍ය ගනුදෙනු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කර තිබෙන පරිසර බලපෑම් දර්ශකය ඒකාබද්ධ කරමිනි. මේ තුළින් ඇප් සේවාව මගින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් කාඩ්පත් ගෙවීම් සහ QR කේතය ස්කෑන් කිරීම මගින් සිදුකරන සෑම ගනුදෙනුවකදීම දත්ත විශ්ලේෂණය කරමින් පරිසරයට සිදුකරන බලපෑම ඇස්තමේන්තු කිරීමට ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු සේවාවට හැකියාව ලැබී තිබේ.
 

More News..