brand logo

මෙරට තුළ කොවිඩ් අවදානම තවදුරටත් පහව ගොස් නෑ

01 October 2020

මෙරට තුළ කොවිඩ් අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බවයි. රෝහල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානවල අත්වැරදීම් හෝ අතපසුවීම් හේතුවෙන් ඔවුන් සමාජයත් සමග ගැටීමට හැකියාව පවතින බවද ඔහු සදහන් කරයි. එමෙන්ම ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් මෙරටට පැමිණ ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. මේ හේතුවෙන් අප සමාජය අනාරක්ෂිත බවත්, සැබැවින්ම ශ්‍රී ලාංකිකයින් කොවිඩ්-19 රෝගයේ භායානකත්වය දැක නැති බව වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..