brand logo

මෙරට ගුවන් තොටුපළවල පැමිණීමේ පර්යන්ත වැසෙන දිනය

19 May 2021

මෙරටට ගුවන් මගීන්ගේ පැමිණිම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. මැයි මස 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වනදා මධ්‍යම රාත්‍රිය මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය. ඒ අනුව කටුනායක හා මත්තල ගුවන් තොටුපළ හරහා කිසිදු මගියෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවනු ඇති.
 

More News..