brand logo

මෙරට කොවිඩ් යළිත් භයානක තත්ත්වයකට පත් වෙයි

26 October 2021

මෙරට කොවිඩ් මරණ වැඩිවෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් මරණ 29ක් ඊයේ(25) දිනයේ තහවුරු කර ඇති අතර එය කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙලෙස මරණ ඉහළ යාම කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් කරුණු සොයා බලමින් සිටින බව ඔහු පවසයි. මෙය මේ මොහොතේ ප්‍රකාශ කරන්න කල් වැඩි නමුත් මෙය දුටු මුල් අවස්ථාවේදීම සංවාදයට ගැනීම වැදගත් බව ඔහු පවසයි. "ඊයේ වාර්තා වුණ පරිදි මරණ වාර්තා වීමේ යම් වැඩිවීමක් අපට දකින්ට ලැබෙනවා. මේක ගැන මේ මොහොතේ කියන්නට ස්ථීරවම කල් වැඩි. මොකද ඕනෑම මොහොතක ඕනෑම මරණ සංඛ්‍යාවක උච්චාවචනයක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නමුත් මේ මරණ වැඩිවීම අපට සියයට සියයක් සැහැල්ලුවෙන් හිතන්නට පුළුවන් දෙයක් නොවන නිසාත් මුලින්ම දකින අවස්ථාවේදීම මේක සංවාදයට ගැනීමටත් වැදගත් වෙනවා. අපිට යම් කිසි ආකාරයක ඉඟියක්ද දෝ මේ පළ කරේ කියලා මේ මරණ වැඩිවීම. ඒ නිසා මේ මරණ වැඩිවීම ගැන වසංගත රෝග විද්‍යා අංශය මඟින් විශ්ලේෂණය කරලා අවශ්‍ය කරන තොරතුරු ලබාදේවී. එතෙක් අපට කියන්න තියෙන්නේ. මේ මරණ වැඩිවීම අපි නොදැනුවත්ව රෝග වැඩිවීමක් සමහර විට සිදුවෙලා තියනවාද කියන එක ගැන සැකයක් ඇති වෙනවා. ඒ නිසා අපි හැමෝම ඉතාම කල්පනාවෙන් ඉන්න ඕනේ."
 

More News..