brand logo

මෙරට කොවිඩ් එන්නත් නිපදවීමට ඇති නීතිමය හැකියාව සොයාබැලේ

01 June 2021

මෙරටදී කොරෝනා මර්ධන එන්නත් නිපදවීමට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. අද (01) පෙරවරුවේ සාකච්ඡාව සිදුකර ඇත. ඒ අනුව එම සාකච්ඡාව සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටි බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහිදී අවධානය යොමුවී ඇත්තේ දෛනිකව මිල ඉහළ යන කොවිඩ් මර්දන එන්නත් මෙරට දී නිපදවීම තුළින් මෙරටට විශාල මුදලක් ද ඉතිරි කර ගත හැකි බව සම්බන්ධයෙන් ය. මේ අනුව ඊට අදාළ නීතිමය ගිවිසුම් සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..