brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් 2605ක් දක්වා ඉහළට

12 July 2020

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනූව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් ආසාදිතයින් 613 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
 

More News..