brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් 2454ක් දක්වා ඉහළට

11 July 2020

තවත් නව කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (10) දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව මේ දක්වා කාලය තුළ දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ හඳුනා ගැනිම විශේෂත්වයක්.
 

More News..