brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80000 ඉක්මවයි

22 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 223දෙනෙකු අද (22) දිනයේදී හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80222 දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 75110දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 4667දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 445කි.
 

More News..