brand logo

මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43000 ඉක්මවයි

31 December 2020

මෙරට පුද්ගලයින් 421දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43123ක් දක්වා ඉහළ ගොස් ඇත. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 7595දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර, 35329දෙනෙකු සුවය ලබා ඇති බවයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 199කි.
 

More News..