brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 143 ක් දක්වා ඉහළට

01 April 2020

මෙරට තුල කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 143 ක් ලෙස ඉහළ ගොස් තිඛේ. ඒ වෛරසය ආසාදනය වු තවත් ආසාදිතයෙකු තහවුරු වීමත් සමගයි. ඊයේ(31) රාත්‍රී 11.20 වන විට නව ආසාදිතයා හමුවීමත් සමඟ ක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 21 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා විය. කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු ඊයේ(31) දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 124 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේ ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.
 

More News..