brand logo

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1895ක් දක්වා ඉහළට

15 June 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 6දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මොවුන් හයදෙනා මාලදිවයින සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1895ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 1342දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය. කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ ගණන 11කි.
 

More News..