brand logo

මෙරට කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණය හා මුසු කරන යෙදවුමක්

23 March 2021

සෙලාටා ටෙක් සමාගම විසින් මෙරට කෘෂිකර්මාන්තය නව තාක්ෂණය හා බද්ධ කිරීම උදෙසා නිර්මාණය කළ AgroBizz - Smart යෙදවුම ජනගත කිරීම හෙට(24) උදැසන 10 ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටස්එජ් හිදී සිදු කිරීමට නියමිතයි. groBizz - Smart යෙදවුම කෘෂි ඒකාබද්ධ කිරීමේ වේදිකාවක් ලෙස ක‍්‍රියාත්මක වන අතර මෙය ලංකාවේ ගොවීන්ට මෙන්ම අලෙවි ජාලාවලට ද අලුත් අත්දැකීමක් වනු ඇත. මෙම යෙදවුම මගින් ගොවීන්, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් දාම, කෘෂි නිෂ්පාදන අපනයනකරුවන්, ආහාර සකසන්නන්, කෘෂි නිෂ්පාදන සැපයුම්කරුවන්, පොහොර හා පළිබෝධනාශක සැපයුම්කරුවන්, ප්‍රවාහන සැපයුම්කරුවන්, බීජ සහ පැල සැපයුම්කරුවන් යනාදිය එකම වේදිකාවක් තුළ අන්තර්ග්‍රහණය කිරීම සිදුවේ. මෙමගින් ගොවීන් අතරමැදියන්ගෙන් තොරව ඍජුව සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබීම සුවිශේෂී වේ. එමෙන්ම ගෝලීය වශයෙන් කෘෂිකාර්මික කේෂත‍්‍රයේ සිදුවන විප්ලවීය දැනුම හා තාක්ෂණය මෙරට ගොවීන් වෙත ලබාදීමට පියවරගෙන ඇති අතර පොහොර, පැලෑටි, බීජ, පළිබෝධනාශක සහ කෘෂි උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු ද ලබා දෙනු ඇත. ගොවීන්ට කාලගුණ අනාවැකි නිරීක්ෂණය කිරීමේ පහසුකම ලබා දීම මේ යෙදවුමේ ඇති තවත් සුවිශේෂ කරුණකි.
 

More News..