brand logo

මෙරට කාබනික වගාවට ජපානයේ සහාය

03 August 2021

ලංකාවේ කෘෂිකර්මයට ජපන් දැනුම හා තාක්ෂණය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ජපානයේ ශිෂෝකා පළාතේ, ෆුජී නගරයේ කවකූමිතෝ පිහිටි නගර කාබනික නිෂ්පාදන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් නිරීක්ෂණයට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්වීමෙන් පසුව එහි ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා ඇත. මෙහිදී ශාක කොටස් හා ගොම එක්කරමින් මහා පරිමාණ ලෙස කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරන අතර එහි නයිට්‍රජන් ප්‍රතිශතය සියයට හතරක් (4%) අගයක් ගනී. මේ සඳහා ගව අපද්‍රව්‍ය මූලිකව යොදා ගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වගාවන් සඳහා දැනුම ලබා දීමටත්, තාක්ෂණය ලබා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබා දීමටත් එකඟතාවය පළකර තිබේ. May be an image of outdoorsNo photo description available.No photo description available.May be an image of outdoorsMay be an image of 1 person, standing and outdoors
 

More News..