brand logo

මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ජනපතිගෙන් රාජ්‍ය සේවකයින්ට ආරාධනා

12 February 2019

මෙම වසරේ ඉටුකරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කර තිබෙනවා. ජනාධිපතිවරා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමින්. එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බවත් මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බවත් ඔහු අවධාරණය කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 3% ක - 4%ක වැනි අඩු මට්ටමක පවතින මෙරට ආර්ථික වර්ධන වේගය දේශපාලන කරුණු හේතුවෙන් තවදුරටත් පහළ වැටුණහොත් රටක් ලෙස නැගී සිටීමට එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවයි.
 

More News..