brand logo

මෙරටින් ඔමික්‍රොන් ආසාදිතයන් 160ක් හඳුනා ගනී

15 January 2022

මෙරට ඔමික්‍රෝන් පැතිරීම ගැන භය හිතෙන ආරංචියක්

මෙරටින් තවත් ඔමික්‍රොන් කොවිඩ් 19 ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරයි. ඔමික්‍රොන් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බව ඔහු පව්සායි. මීට අදාළ වාර්තාව මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ.
 

More News..