brand logo

මෙරටින් ඇල්ලු විශාලතම කුඩු තොගයට සම්බන්ධ සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර

26 February 2019

මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් භාවිත කළ සිම්පත් හිමි සමාගම් හරහා සැකකරුවන් විසින් ලබා ගෙන ඇති දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළ අතර මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් හෙළි කරන තොරතුරු මෙරට සහ විදේශිය වශයෙන් ක්‍රියාක්මක බුද්ධි අංශ සමග හුවමාරු කර ගනිමින් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. ජවාරම ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු බව සඳහන් වන බැවින් මෙයට ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් නොමැති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී පසුගිය 23 වනදා අත්අඩංගුවට ගත් හොරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රැම් 490කි. එහි වටිනාකම රුපියල් මිලියන තුන්දහස් පන්සිය තිස් තුනකි.
 

More News..