මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දිගු වෙයි
29 March 2020
මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දිගු වෙයි
29 March 2020
ශ්‍රී ලංකාවට සියලු මගී ගුවන් යානා පැමිණීමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .
මෙම ගුවන් තහනම මාර්තු මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ගුවන් යානා තහනම දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .
රටවල් කරා පිටත්ව යාමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානාවලටත්, හදිසි අවශ්‍යතා මත ගොඩබස්වනු ලබන ගුවන් යානාවලටත් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘතව පවතියි.
ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .