brand logo

මෙරටට එවන ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරමක්

09 May 2021

විදෙස් රට වල සිට එවන ජංගම දුරකථන සොරකමේ නිරත පුද්ගලයින් 06 දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අනුව ලොව ප්‍රධාන පෙළේ භාණ්ඩ ප්‍රවාහන සමාගමක සේවකයින් තිදෙනෙකු ද එම සැකකරුවන් අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත. විදේශීය රටක සිටින පුද්ගලයෙකු විසින් මෙරට පුද්ගලයකුට එවන ලද ඇපල් වර්ගයේ දුරකථනයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබුණු පසු එය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ලක් මත එම මෙහෙයුම සිදුකර ඇත. එම දුරකථනය ලොව ප්‍රමුඛතම කුරියර් සේවාවක් යටතේ මෙරටට ඒවා තිබෙන බවත් මොවුන් ඇපල් වර්ගයේ දුරකථන 19ක් පමණ සොරකම් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ වන විට දුරකථන 16ක් සොයා ගෙන ඇත. සැකකරුවන් ඊයේ (08) දින මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
 

More News..