brand logo

මෙම වසරේ දුම්රිය අනතුරුවලින් පුද්ගල මරණ 574ක්

23 December 2019

ජනවාරි 01 දා සිට මේ දක්වා කාලය තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගල මරණ 574ක් සිදුව තිබේ. දුම්රිය ආරක්ෂණ අධිකාරිය පැවැසුවේ දුම්රිය හරස් මාර්ගවලදී අනතුරු රැසක් සිදුව ඇති බවයි. එමෙන්ම දුම්රිය මාර්ගවල අපරික්ෂාකාරී ලෙස ගමන් කිරීම ද අනතුරුවලට හේතුවක් වී තිබේ. 2018 වසරේ දී දුම්රිය අනතුරුවලින් මිය ගිය ගණන් හා සැසැඳීමේ දී මෙවර සිදු වූ මරණ ගණන ඉහළ ගොස් තිබේ. 2018 වසරේ සිදුව ඇති මරණ ගණන 464 කි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙවර මරණ ගණන 110න් ඉහළ ගොස් තිබේ. එමෙන්ම 2014 වසරේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයන් 305 මරණයට පත්ව ඇති අතර, 2015 දී එම මරණ ගණන 396 ක් ලෙස වාර්තා වී තිබේ. 2016 දී 405 ක් 2017 දී 517 ක් හා 2018 දී 464ක් ලෙස දුම්රිය අනතුරුවලින් පුද්ගල මරණ සිදුව තිබේ. මේ අනුව බලන විට පෙනී යන කාරණයක් වන්නේ වසරින් වසර දුමරිය අනතුරුවලින් සිදුවන මරණ ගණන සංඛ්යාත්මකව ඉහළ යමින් පවතින බවයි. දුම්රිය බලධාරීන් පෙන්වා දෙන්නේ දුම්රිය ගමන් කරන තුරු තත්පර කිහිපයක් ඉවසා සිටි නොහැකි ඇතැම් රියැදුරන් හේතුවෙන් දුම්රිය හරස් මාර්ගවල දී මාරක අනතුරු රැසක් සිදුව ඇති බවයි. දුම්රිය මාර්ගවල ගමන් ගැනීමේ දී වැදගත්ම කාරණය අවදානය බව ද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම දුම්රිය හරස් මාර්ග සහ අවදානම් ස්ථාන ආශ්රිතව සිදුවන අනතුරු වැළැක්වීම සඳහා විශේෂ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය රාජ්ය අමාත්ය සී. බී. රත්නායක පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණික ක්රමෝපායන් නිසි පරිදි උපයෝගී කර ගනිමින් විශේෂ සංඥා ක්රම සකස් කිරීම වැනි ව්යාපෘති ඉදිරියේ දී කඩිනම් ව්යාපෘති ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. කුමාර එන්. අස්මඩල
 

More News..