brand logo

මෙතෙක් කළ පී.සී.ආර්.වලට කෝටි 648ක් වියදම්

18 January 2021

පසුගිය වසරේ (2020) සිට මේ දක්වා කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රුපියල් කෝටි 648ක මුදලක් වැය වී ඇති බව සඳහන් වෙයි. පී.සී.ආර්. පරීක්ෂණ දාහතර ලක්ෂ අසූහයදහස් නවසිය පනස් එකක් මේ වනවිට සිදුකර ඇත. මෙම පරීක්ෂණ පෞද්ගලික ආයතන 07කදී සහ රාජ්‍ය අංශයේ ආයතන 22කදී කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. පෞද්ගලික අංශයේ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණයන් සිදුකර ඇත්තේ නවලෝක පෞද්ගලික රෝහලේ වන අතර ඔවුන් පසුගිය වසරේ ජුලි මාසයෙන් ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණයන් මේ වනවිට එක්ලක්ෂ අනූහත්දාස් දෙසිය තිහක් සිදුකර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි. මේ අතර පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා සිට කොළඹ වෛද්‍ය පර්‌යේෂණායතනයේ සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපන්දහස් හත්සිය හතළිස් එකකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කර තිබෙන පී.සී.ආර්. රසායනාගාර මගින් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්නවදහස් නවසිය අසූ එකක් වෙයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..