brand logo

මෙතනින් 12 ක්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නගෙ ඉත්තො

13 October 2019

සජිත් ප්‍රේමදාස ද සිය බිරිඳ ජලනි ප්‍රේමදාස සමග සඳුදා මැතිවරණ කාර්යාලයට පැමිණියේ ය. හංසයා ලකුණ නියෝජනය කරන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නිලධාරීන් ද ඊට සහභාගි වී සිටි නමුත්, එ.ජා.ප. නියෝජිතයින් කිහිප දෙනෙකු මිස එහි ඉහළ පෙළේ නිලධාරීන් කිසිවෙකුත් ඊට සහභාගි වී නොසිටියේ ය. එදින අපේක්ෂකයින් 36 දෙනෙකුගෙන් ම නාමයෝජනා භාරගන්නට සිදුවී තිබුණු බැවින්, මැතිවරණ කාර්යයාලයේ නිලධාරීන් ද හෙම්බත් වී තිබුණි. එහි එක් නිලධාරිනියක්, පැමිණ සිටි අපේක්ෂකයින්ගේ නාමලේඛනය ගෙන ඉන් 12 දෙනෙකුගේ නම් ඉදිරිපිට සලකුණු යොදා තිබුණි. එවිට තවත් නිලධාරියකු විමසා තිබුණේ, එම සලකුණු යෙදුවේ කුමන පදනමින් ද යන්නයි. ‘‘මම මේ ගණන් බැලුවෙ මෙතනින් 12 ක්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නගෙ ඉත්තොනෙ...’’ නිලධාරිනිය කීවාය. එවිට තවත් නිලධාරියකු එම සාකච්ඡාවට සහභාගි වෙමින් මෙසේ පැවසුවේ ය. ‘‘අපේක්ෂකයො මෙච්චර ගාණක් ඉල්ලනකොට කෝටි ගාණකින් වියදම ඉහළ යන බව සභාපතිතුමා නැවත නැවත කියද්දිත් කිහිප දෙනෙකුට හරි ඉල්ලා අස්වෙන්න තිබුණා...’’
 

More News..