brand logo

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටෙයි

05 May 2021

මෙක්සිකෝ නගරයේ දුම්රියක් ගමන් කරමින් තිබූ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය පිරිස අතර ළමුන්ද සිටින අතර 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ ඉහළ යා හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කර තිබේ. පාලමත් සමඟ දුම්රිය මැදිරි දෙකක් පහළ මාර්ගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ මතට පතිත වී තිබේ. ලෝකයේ කාර්යබහුලම නගරවලින් එකක් වන මෙක්සිකෝ නගරයේ මෙට්‍රෝ පද්ධතියේ දශක ගණනාවක සිදු වූ මාරාන්තික සිදුවීම මෙයයි.
 

More News..