brand logo

මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

16 June 2019

හොරණ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකුට පොලීසිය විසින් අද අලුයම වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළ අතර අද අලුයම 3.00ට පමණ අදාළ මූල්‍ය ආයතනයට අදාළව හොරණ පොලීසියේ ස්ථාපනය කර ඇති ආරක්ෂිත නළාව නොකඩවා නාද වී ඇත. එහිදී පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් එම ආයතනයට ගිය අවස්ථාවේ අනවසරයෙන් කිසියම් පුද්ගලයකු ඇති බවට හඳුනා ගෙන ඇත. පළමු මහලේ කිසියම් පුද්ගලයකු සිටිනු දුටු පොලිස් නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු අතේ තිබූ ගිනි අවිය පොලීසිය දෙසට එල්ල කර වෙඩි තැබීමට සුදානම් වී ඇත එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකු, තවත් පොලිස් නිලධාරියෙකුගේ අතෙහි තිබූ ගිනි අවිය ගෙන සැකකරුගේ දකුණු පාදයට වෙඩි තබා ඇත. සැකකරුගේ ගිනි අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් පිස්තෝලයක් බවට අනාවරණය වී ඇත.
 

More News..