brand logo

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 36ක් නාවික හමුදා භාරයට

16 December 2020

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමග ඉන්දීය ජාතිකයින් 36දෙනෙකු සහ ධීවර ආම්පන්න ශ්‍රී ලංකා නාවික හමුදා භාරගෙන ඇත. විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම්, කොවිඩ් -19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සීමා වී තිබුනත්, දිගින් දිගටම විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්, දේශිය ධිවර ප්‍රජාවට සිදු වන බලපෑම සැලකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදෙස් ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන ධීවර කටයුතු වැටලීමේ මෙහෙයුම් නාවික හමුදාව නැවත ආරම්භ කෙරිණි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් ඩෙල්ෆ්ට් දූපත අසල මුහුදු සීමාවේ සිදුකල විශේෂ මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධිවර යාත්‍රා තුනක් නිරීක්‍ෂණය කර, ඉන්දීය ජාතිකයින් 22 ක් සමඟ එම ධීවර යාත්‍රා නාවික හමුදා භාරයට ගන්නා ලදි. එමෙන්ම, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේත්, වයඹ නාවික විධානය මගින් කුදිරමලේ තුඩුවට බටහිර මුහුදේත් සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතු සිදු කළ තවත් ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ජාතිකයින් 14 ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමටද කටයුතු සිදු කරමින් පවතී.
 

More News..