brand logo

මුහුදු ගිය ධීවරයෙක්ට කොවිඩ්

01 November 2020

පී.සී.ආර් පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වී ඇත . මෙම ධීවරයා රැගත් "යස ඉසුරු " බහුදින යාත්‍රාව ඉකුත් 29දා බේරුවල ධීවර වරායෙන් තවත් ධීවර කාර්මිකයන් පස් දෙනෙකු සමග මුහුදු ගොස් ඇත. මෙම ධීවරයා කොරෝනා ආසාදිත බවට පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵලය තහවුරු කිරීමත් සමග එම යාත්‍රාව ආපසු ගෙන්වා ගැනීමට බේරුවල වරාය කළමනාකාරීත්වය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත. බේරුවල ධීවර වරායේ යාන්ත්‍රික වැඩ ඒකක ජැටියට පැමිණි මෙම යාත්‍රාවේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර කුඩා බෝට්ටවක් මගින් ගොඩබිම ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කර ඇත. කොරෝනා ආසාදිත ධීවරයා සමඟ පැමිණි සෙසු ධීවරයන් එම යාත්‍රාව තුළම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කිරීමට පියවට ගත බව සෞඛ්‍ය අංශ පවසයි.
 

More News..