brand logo

මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය ආශ්‍රිතව අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

30 August 2019

බම්බලපිටියට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි මුස්ලිම් දේවස්ථානයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව හෙට (31) සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා පැවැත්වෙන බැවින් එම කාල සීමාව තුළ මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පොලීසිය පැවසුවේ එහි පෙරහුරුවක් ලෙස පෙරවරු 7.00 සිට 9.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කළ බවයි. එමෙන්ම අද පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පෙරහුරුවක් ලෙස එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
 

More News..