brand logo

මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව වැසෙයි

10 November 2020

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් හෙට (11) සිට 13 වැනිදා දක්වා වසා දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් මෙලෙස එක් මාර්ගයක් වසා දැමෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරි එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා සදහන් කරයි. මේ හේතුවෙන් දුම්රිය වෙනුවට පෙරවරුවේ හා පස්වරුවේ කොළඹ කොටුවේ සිට බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රියන් කොළඹ කොටුවට පැමිණෙන වේලාව අනුව දුම්රියයන්හි ගමනාන්තය සදහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බස් රථ ලබාදීමට කටයුතු කරනු ලබයි.
 

More News..