brand logo

මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ඇඳුම් පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

15 May 2019

සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ද්‍රව්‍යයක් හැඳීම හෝ පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. කිසියම් තැනැත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහුගේ හඳුනාගැනීමට යම් අයුරකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණ සඟවාලන ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය සහ නොපැළඳිය යුතු බව එහි දැක්වෙන අතර මෙහිදී සම්පූර්ණ මුහුණ යන්න නළල මුදුනේ සිට නිකටේ අග දක්වා සහ දෙකන් අතර ප්‍රදේශය සඳහන් කර ඇත.
 

More News..