brand logo

මුහුණු පොතේ වෛරී ප්‍රකාශ නිකුත්කළ අයෙක් බන්ධනාගාරයට

13 January 2021

    සංහිඳියාව බිඳ වැටෙන අයුරින් මුහුණු පොත හරහා ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත. සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. එසේම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බව සඳහන් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය අදිකරණයට පෙන්වා දී ඇති අතර සැකකරු නීති විරෝධී අයුරින් මුදල් උපයන්නේද යන්න සැක සහිත බව දැනුම් දී ඇත. එම කරුණු පදනම් කරගනිමින් සැකකරු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සහ එදිනට පරීෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
 

More News..