brand logo

මුහුණු ආවරණයට උපරිම මිලක්

30 January 2020

කොරෝනා වෛරසය හේතුවෙන් මුහුණු ආවරණ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ රුපියල් 15කටද, ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 15කටද, එන් 95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 150කටද අලෙවි කිරීමට නියෝග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ වගන්ති අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත. මේ අතර අධික මිල ගණන්වලට මුහුණු ආවරණ අලෙවි කරන ෆාමසි සහ වෙළෙඳ මධ්‍යස්ථාන සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (29 වැනිදා) වැටලීම් සිදුකරන ලදී. දිවයින පුරා ෆාමසි 115ක් පමණ පරීක්ෂාවට ලක් කළ අතර පහකට එරෙහිව නඩු පැවරීමටද නියමිතය.
 

More News..