brand logo

මුහුණුපොතේ සාදයක් වටලයි - තරුණ තරුණියන් 28ක් අත්අඩංගුවට

25 November 2019

උපන්දින සාදයක් පවත්වන මුවාවෙන් මත්ද්‍රව්‍ය පානය කිරිමට සුදානම්ව සිටි තරුණ තරුණියන් පිරිසක් පෙරේදා (24) පස්වරුවේ ගංජා තොගයක් ද සමග අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ත් 25ත් අතර වයස්වල පසුවන තරුණයින් 29ක් සහ තරුණියන් 3ක් වන බවද පොලිසිය පවසයි. අහුංගල්ල අඹගහපිටිය විහාරස්ථානයක් පිටුපස සම්බාහන මධ්‍යස්ථානයකදි මෙම පිරිස මත්ද්‍රව්‍ය පානය කිරිමට සූදානම් වන බවට ලද තොරතුරක් මත වාහම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානය වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ ජංගම දුර කතන ඔස්සේ සහ මුහුණු පොත හරහා සංවිධානය වී උපන්දින සාදයක් මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය සාදය පැවැත්විමට සූදානම්කර තිබු බවයි. ගාල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි අහුංගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.ජයතිලක මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
 

More News..