brand logo

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ වෙළදාම් කිරීමට අධිකරණයෙන් අවසර

28 June 2019

දංකොටුව සති පොල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව නඩුව පවත්වා ගෙන යා හැකිද යන්න සම්බයෙන් විමසා බැලීම ලබන මස 23 වැනිදා දක්වා කල් තැබීමට මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා 28 වැනිදා තීරණය කළේය. දංකොටුව පොලීසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ගොණු කර තිබුණි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුළු 06 දෙනෙකු එහි වග උත්තකරුවන් ලෙස නම් කර තිබුණි. වග උත්තරකරවන් පස් දෙනෙකු පසුගිය 24 වැනි සදුදා දංකොටුව සති පොලට පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද,එම ව්‍යාපාරිකයින්ව තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලමින් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලිඛිතව දැණුම් දීම සම්බන්ධයෙන්ද දංකොටුව පොලීසිය  අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. මෙහිදී වග උත්තකරුවන් වෙනුවෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන සියළුම නිතීඥවරුන් සහ නීතිඥවරියන් පෙනී සිටීම විශේෂත්වයක් විය. වග උත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ පොලීසිය විසින් විසදිය යුතු ගැටළුවක් අධිකරණය දක්වා ගෙන යාම තුළින් අධිකරණයේ කාලය නකරුනේ විනාශයට පත් වන බවයි. පොලීසිය සහ නීතිඥයින් විසින් දක්වන ලද කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් ලබන මස 23 වැනිදා නැවත විමසීමටත්,එදිනට දෙපාර්ශයේ ලිඛිත දේශණ ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.තවද අධිකරණය විසින් නොතීසි නිකුත් කළ වහාම අධිකරණය හමුවේ වග උත්තකරුවන් පෙනී සිටීම සළකා බලා ඔවුන්ව ඇප ලබා නොදීමකින් තොරව මුදා හැරීමටද මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදි. දංකොටුව පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර,ඇලේක්ස් නිශාන්ත,ඉන්ද්‍රසිරි සේනාරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. ----------------------------------------------------------------------------------------------------------------------- වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. වී. සුසන්ත පෙරේරා මහතා විසින් පොලීසිය වෙත ලබාදුන් ලිපිය පහතින්.... මෙම පුවත සම්බන්ධයෙන් මීට පෙර පළ කළ පුවත පහතින් වේ...

මුස්ලිම් වෙළෙද ප්‍රජාවට දංකොටුව සතිපොළ තාවකාලිකව තහනම් වෙයි

 

More News..